FAST NEWS

24×7 Around the Globe

නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක්…

(ෆාස්ට් නිව්ස්- කොළඹ) රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබේ.


2016 වසරේ මාර්තු මස 03 වැනිදා ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ ජාතික වැටුප් සහ සේවක සංඛ්යා කොමිෂන් සභාව මේ මස 24 වැනිදින සිට අහෝසි කරන අතර නව කොමිෂන් සභාව මේ මස 25 වැනිදින සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්රයකින් විධානය කර තිබේ.