(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අරුවක්කාලු කසල අංගනයට එරෙහිව විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – කොටුව ගාලු මුවදොර ප්රවේශ මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දැමිමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
මෙම හේතුවෙන් කොළඹ කොටුව හා එ ආශ්රීත මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බවද පොලිසිය කියයි.
විරෝධතාකරුවෝ 500 කට අධික පිරිසක් මෙයට එක්ව සිටින අතර ඔවුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටිති.
තත්ත්වය පාලනය සඳහා කැරලි මර්ධන හමුදාව,පොලිස් කොස්තාපල්වරියන් ඇතුළු ආරක්ෂක අංශද කැඳවා ඇති බවද පොලිසිය පවසයි.
මාර්ග බාධක යොදා මේ වන විට මාර්ගය මුළුමනින්ම වසා දමා ආරක්ෂාවද තර කර ඇති බව පොලිසිය කියයි.








