(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ , චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි ඇතුලු 06 දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.
පසුගිය 2008 – 2009 අතර කාල සීමාවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත එම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.








