FAST NEWS

24×7 Around the Globe

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා අද (19) අධිකරණයට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ (18) අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරින් 07 දෙනා සහ අඩවි වන ආරක්ෂක නිළධාරියා අද (19) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාල සැකකරුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දීමකට අනුව ඔවුන් පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම පොලිස් නිළධාරීන් 07 දෙනා ගාල්ල විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15 ක්.