FAST NEWS

24×7 Around the Globe

මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයෙන් මානව හිමිකම් ගැන ජනපතිට විශේෂ ලිපියක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකුගේ අත්සනින් යුතුව ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට ජීනීවාවල සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් දෙන ලෙසද ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.