FAST NEWS

24×7 Around the Globe

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ තනතුර වසර 03කට අහෝසියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ තනතුර වසර 03 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කර තිබේ.
ඒ 2015 වසරේදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩට නඩු කටයුත්තක් අතරතුරදී මහජන විශ්වාසය බිඳ වැටෙන පරිදි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරමින්ය.