FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් රතු නිවේදයක්..

 
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (18) දහවල් 01 ට නිකුත් කළ එම නිවේදනය අද (18) රාත්‍රී 11 දක්වා පැය 10 ක් වලංගු වන පරදි එම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
හත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.