FAST NEWS

24×7 Around the Globe

වෙළෙඳසැල් හිමියන් කිරිපිටි සඟවා සිටින බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇතැම් වෙළෙඳසැල් හිමියන් පිටිකිරි සඟවා තබාගෙන පිටි කිරි හිඟයක් පෙන්වීමට කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව එම අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කරයි.
මෙම මෙහෙයුම්වලදී වැඩිමිලට පිටිකිරි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනු ඇත.
ඒ ආකාරයෙන් සිදුකළ වැටලීමකදී දේශීය පිටිකිරි සන්තකයේ තබාගෙන අලෙවි කිරීමෙන් වැළකී සිටි ව්‍යාපාරිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු බැඳුම්කරයක් මත මුදාහැරි බවත් එම ඒකකය පැවසීය.
මේ සම්බන්ධව අඛණ්ඩව වැටලීම් සිදුකරන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේය.