FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නියෝජීතයෝ අද (18) ජීනිවා යති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ සහභාගී වන මෙරට නියෝජිත පිරිස අද (18) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් එක් විමට නියමීතය.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව ලබන 20 වැනිදා සලකා බැලීමට නියමිත වන බවත් ,ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති, ඊට අදාළ යෝජනා සම්මතය ලබන 21 වැනිදා දින සලකා බැලීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.