FAST NEWS

24×7 Around the Globe

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාරම්භක වැඩසටහන අදින් ඇරඹේ..


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ආවරණය වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනු ලබයි.
අදින් ආරම්භ වන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සංවර්ධන වැඩසටහන් මාලාවේ අරමුණ වන්නේ, විවිධ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන මහජන සේවා හා ජාතික සංවර්ධන වැඩසටහන් එකම දිනක දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.
මෙම වැඩසටහන යටතේ සියලු ජනතාවගේ ප්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.