FAST NEWS

24×7 Around the Globe

STF නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ 05 ක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (16) පස්වරුවේ යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීමක් වැටලීමට ගිය යාපනය විශේෂ බලකා කදවුරේ නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තුන්දෙනෙකු ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 18 ,27, 30, 33 හා 34 යන වයසේ පසුවන අයයි.
මෙම පිරිස අද (17) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.