FAST NEWS

24×7 Around the Globe

“ත්‍රිපිටකාභිවන්දනා සතියේ” දෙවන දිනය අදයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව නිමිත්තෙන් ලබන 23 තෙක් ප්‍රකාශයට පත් කෙරුණු “ත්‍රිපිටකාභිවන්දනා සතියේ” දෙවන දිනය අදයි.
අදාළ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිගේ ද සහභාගිත්වයෙන් ලබන 23 වනදා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී සිදුකිරීමට නියමිතව ඇත.