FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඒකාබද්ධ නාවික අභ්‍යාසයක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ප්‍රථමවරට මහා පරිමාණ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එය ලබන 23 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එම නාවික අභ්‍යාසයට ඕස්ට්‍රේලියානු යුද නෞකා 04 ක් සහ නාවික භටයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇති.
නාවික හමුදා ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ නාවික මැරීන් බලකාය ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ඛණ්ඩ කිහිපයක් එක්වන බවයි.
මෙම ඒකාබද්ධ නෞකා අභ්‍යාසය ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර සාමුද්‍රික ආරක්ෂාව පිළිබද සහයෝගීතාව ඉහළ නංවන බව ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් මහතා කියා සිටියේය.