(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තමන් දැඩිව හෙළා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටී.
ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වලට තම ශෝකය පළ කරන බවත්, එයින් තමා දැඩි කම්පාවටත්, ශෝකයටත් පත්වූ බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටින්නේ සාමය, බහුවර්ගවාදය සහ සාධාරණත්වය පිළිබඳ ඉතිහාසයක් සහිත නවසීලන්තයට මේ අවස්ථාවේ තම සහය මෙන්ම ශෝකය පළ කරන බවයි.
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වෙත තම සාතිශය සංවේගය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.











