FAST NEWS

24×7 Around the Globe

හෙට (17) හා අනිද්දා (18) පළාත් කිහිපයකට තද වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල හෙට (17) සහ අනිද්දා (18) දිනවලදී පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අද (16) දිනයේදී සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.