FAST NEWS

24×7 Around the Globe

ජේ.පී ඩුමීනි සමුගනියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දකුණූ අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී ඩුමීනි (34) නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් තමා දකුණූ අප්‍රිකාව වෙනුවෙන් විස්සයි – 02 පිටියේ රැඳි සිටින බව හෙතෙම සඳහන් කර තිබේ.
හෙතෙම 2017 සැප්තැම්බර් මාසයේදි ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් (46) සමු ගත්තේය.
ජාත්‍යන්තර එක්දින තරඟ 193 කට සහභාගි වී ඇති ඔහු ලකුණූ 5047 ක් හා කඩුලු 68 ක් දවා ගැනිමට සමත්ව සිටියි.