FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (15) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 26 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා කාලය තුළ විදේශ ගතවීමට අවසර ලබාදුන්නේය.
ඒ , මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදියි.