FAST NEWS

24×7 Around the Globe

පිටකෝට්ටේ ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මුලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන ඇත.
මෙම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මොහු ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවට ද තොරතුරු වාර්තා වේ.