FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (14) රාත්‍රියේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී , යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කරන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුනේ නුවන් සංජීව මෙන්ඩිස් නමැති 45 හැවිරිදි පොදුජන පෙරමුණ නියෝජනය කරන අයෙකි.
සිද්ධියට සම්බන්ධ ටිපර් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.