FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැදවියන්ටත් දුරකථන පහසුකම්….


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ට තමන්ගේ පවුලේ උදවියත් සමග කතා බහ කිරීමට දුරකථන පහසුකම් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.
ඒ සදහා ටෙලිකොම් සමාගමත් සමග දැන් සාකච්ඡා පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.
බන්ධනාගාරවල සිටින ඇතැම් රැඳවියන් නීති විරෝධී ලෙස ජංගම දුරකථන ආධාරයෙන් සිදුකරන දුරකථන සංවාද නතර කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වලට පමණක් කතාබහ කළ හැකි අන්දමට බන්ධනාගාරවලට මෙසේ දුරකථන පහසුකම් ලබාදෙනු ලැබේ.
මේ අනුව දුරකථනයෙන් අමතන කාල සීමාව විනාඩි ගණනකට සීමා කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ඇමතුම්වල ගාස්තුව එම රැඳවියන්ගේ පවුල්වලින් අය කරන අතර එම දුරකථන කතාබහ සියල්ලම පටිගත කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.