FAST NEWS

24×7 Around the Globe

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය සදහා දී තිබූ කාලය අදින් අවසන් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් ලියාපදිංචි කර නොමැති යාන්ත්‍රික කියත් අද(15) දිනය තුළ පොලිස් ස්ථාන වෙත රැගෙනවිත් ලියාපදිංචි කල යුතු බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
ලියාපදිංචි කර නොමැති යාන්ත්‍රික කියත් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහාත් පොලිසියට අදින් පසු බලය හිමිවනු ඇත.
වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ඡාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වන අතර ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනික හෝ පුද්ගලිකවම භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත්, ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතුවේ.