FAST NEWS

24×7 Around the Globe

අද (15) අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගනී…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අදයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඊයේ (14) අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන රහිතව සම්මත විය.