(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය පතා සිටියි.
වයස අවුරුදු 47 ක් වන නිරෝෂා නිල්මිනී පෙරේරා නොහොත් තුෂාරි නම් මෙම සැකකාරිය මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකාරියගේ ඡායාරූපයක් හා ජාතික හැඳුනුම්පතද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා 071-8591589 අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.










