FAST NEWS

24×7 Around the Globe

හෙට (15) වයඹට දැඩි උණුසුම් කාළගුණයක්…

හෙට (15) දිනයේදී වයඹ පළාතේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වයන්ගෙන් වැළකී සිටීමටනම් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසටත් , සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.