FAST NEWS

24×7 Around the Globe

මොටර් රථවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාත් විවෘතව තැබිමට උපදෙස්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
එහි පළමු අදියර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යංශය කියයි..
ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදාවනු ඇත.
රියදුරු බලපත්‍ අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් ඊට අයත් වේ.
මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.