FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ පක්ෂ 6ක් නව පක්ෂයකින් පලාත් පාලන මැතිවරණයට !!!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී නව සන්ධානයක් යටතේ තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

පිවිතුරු හෙල උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ, ඊට පක්ෂ 6 ක් එක්ව සිටින බව ය.

දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ සිය අදහස ප්‍රකාශයට පත්කර ඇති බව ඔහු සඳහන් කළේ ය.