FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡාව හෙට (14)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොදු සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා හෙට (14) ආරම්භ වන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන්කර සිටියේය.
කිසිදු පූර්ව කොන්දේසියක් නොමැතිව සිය පාර්ශවය සාකච්ඡා සඳහා එක්වන බවත් එහු පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවයි.