FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි මිල සුත්‍රයට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා විසින් ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන, පාරිභෝගිකයන්ට, රජයට හා කිරිපිටි කර්මානතයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා දී තිබේ.
ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇත.