FAST NEWS

24×7 Around the Globe

ජනපති කෙන්යා යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති ලේකම් කාර්ය නිවේදනය කර සිටියි.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා විසින් මෙම ආරාධනය සිදු කර තිබේ.
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.
සිය සිව්දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපතිවරයා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාද හමුවීමට නියමිත ය.