FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.
එහි ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ මහතා පැවසීය.
මෙවර විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641 කි.