FAST NEWS

24×7 Around the Globe

කොටුව – බෙලි අත්ත අතර දුම්රිය ධාවනය 08 වැනිදා සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මුහුදු බඩ මාර්ගයේ කොළඹ කොටුව සිට මාතර දක්වා ධාවනය වන සියලු දුම්රිය බෙලිඅත්ත දක්වා ධාවනය කිරිම ලබන 08 වැනිදා සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත දුම්රිය ස්ථාන 04කින් හා පිලදූව හා වෙහෙරහේන යන උප දුම්රිය ස්ථාන 02 කින් සමන්විත මෙම මාර්ගය කිලෝ මීටර් 26 ක දුරකින් යුක්තය.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනකින් සිදු වන අතර එහි පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකර තිබේ.
එහි දෙවැනි අදියර ලෙස කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත්, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද ඉදි කෙරෙයි.