FAST NEWS

24×7 Around the Globe

එජාප මැයි රැළියට ස්ථානය තීන්දු වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළම) – එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී පැවැත්වෙන බව සිරිකොත ආරංචි මාර්ග කියයි.
මෙවර මැයි රැලියේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට පක්ෂය සැලසුම් කර තිබෙන බවද පැවසේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත්, ඒ අනුව සංවිධාන කටයුතු සිදු කෙරෙන බවද එම ආරංචි මාර්ග කියයි.