FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩ අදත් CID ය හමුවට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
ඔහු පසුගිය 11 වනදාත් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
2008- 2009 වසරවල් අතර කාල සීමාවේදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවනු ලැබීය.