FAST NEWS

24×7 Around the Globe

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඕමන්තේ ආරක්ෂක මුරපොළ වැසේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි වවුනියාවේ ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා එය තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි අදාළ මාර්ගයේ ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදා කර ඇති බව ය.

පොලීසිය ද ඒ බව තමන්ට තහවුරු කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරට ත් කියා සිටියේ ය.