FAST NEWS

24×7 Around the Globe

ETI තැන්පත්කරුවන් ජනපති කොමිසම හමුවට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය විසින් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අද (07) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි ලබාදීමට තිබූ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් එය තව සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.