FAST NEWS

24×7 Around the Globe

‘රත්තරන් මල්ලී’ හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයකුගේ ගෝලයකු වන ’’රත්තරන් මල්ලී’’ නැමැති සැකකරු ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බදුල්ල නගරය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 800 ක් ද සමගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
හෙරොයින් ජාවාරම් කරන අදාළ ඉහළ පෙළේ පාතාල සාමාජිකයා තම කටයුතු සිදුකර ඇත්තේ ඊෂි කෑෂ් ක්‍රමයටයි.
සැකකරු ඇඹිලිපිටිය කටුවන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇල, ඇටම්පිටිය වැනි ප්‍රදේශවල හෙරොයින් සඟවා ගැනුම්කරුවන් වෙත සංඥා දෙන පුද්ගලයා බවද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.