FAST NEWS

24×7 Around the Globe

අංගම්පොර කලා ශිල්පය ජාතික උරුමයක් වෙයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලාංකීය හෙළ උරුමය විදහා දක්වන අංගම්පොර කලා ශිල්ප සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අංගම්පොර සටන් ශිල්පය ලංකාවට එරෙහිව එල්ල වූ විදේශ ආක්‍රමණ ජය ගැනීම සඳහා බොහෝ ඉවහල් වූ සටන් ක්‍රමයකි.
අංගම්පොර සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් 1817 දී නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත්, එම සටන් කලාව හා ඒ ආශ්‍රිත කලා ශිල්ප ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකි.