FAST NEWS

24×7 Around the Globe

අරපිරිමැස්මෙන් විදුලි පරිභෝජනය සිදු කරන්නැයි දැනුම්දීමක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනයට යොදාගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාෂක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටින්නේ මෙම තත්ත්වය හමුවේ කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් ඇති බවයි.
දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.