FAST NEWS

24×7 Around the Globe

පොල් සංවර්ධන අධිකාරියෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කුටියක් විවෘත කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ ගුණාත්මක බාවයකින් යුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් අද (07) උදෑසන 9.00 ට නාරාහේන්පිට, “කප්රුක ඉසුරු සැල” විවෘත කර තිබේ.

මෙම අලෙවි කුටියෙන් පොල් කිරි, පොල් ක්‍රීම්, වැනි ඕනෑම පොල් ආශ්‍රීත නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙයින් ඉතා උසස් තත්ත්වයේ පවතින පොල් තෙල් සහන මිළට ලබාගත හැකි බව පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහි ප්‍රධාන අරමුණ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමට, දේශීය කර්මාන්තකරුවා දිරිගන්වමින් මෙම වෙළඳපොල හඳුන්වාදීම, බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.