FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩට නඩු පවරන්න නීතිපති තීරණය කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, අදාළ තරුණයින් පිරිස පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබේ.