FAST NEWS

24×7 Around the Globe

රජයේ විධායක නිලධාරීන් හා විපක්ෂ නායක අතර හමුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ විධායක නිලධාරීන් පිරිසක් අද (06) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී  වැටුප් විෂමතා ඇතුලු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව රජයේ විධායක නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේය.