FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් කළා – ජනපති..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව ජනපති අද (06) දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද ජනපතිවරයා පැවසීය.
මීට අමතරව තමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණ අවසන් වී ඇති බවත් එම ලිපිගොනු ලබන සතියේදී නීතිපතිවරයාට යොමුකරන බවත් ජනපතිවරයා අවධාරණය කළේය.