FAST NEWS

24×7 Around the Globe

සිව් පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඬුවම.

වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේදී සිව් පුද්ගල ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ 3 දෙනෙකුට බදුල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

බදුල්ල මහාධිකරණ විනිසුරු සම්පත් බණ්ඩාර අබේකෝන් මහතා ඊයේ එම තීන්දුව ලබා දුන්නේ, 1990 ජුනි 22 දින බෝගහකුඹුරේදී කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ය.

වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයින් 3 දෙනෙකුට එලෙස මරණ දණ්ඩනය නියම කෙරිණි.