FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවට එරෙහිව සයිටම් සිසුවිය ගොනුකළ පෙත්සමට දින නියම වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (06) නියම කර ඇත.
අභියාචනාධිකරණයේ නියෝගය පරිදි වෛද්‍ය උපාධිධාරිනියක වන දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් තමාව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි අදාළ පෙත්සම ගොනුකර ඇත.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනී දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබීය.
මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනා අධිකරණයට දැනුම් දී තිබුණි.
වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරනමෙන් අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවය.
මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.