FAST NEWS

24×7 Around the Globe

නෝර්වේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් අද (06) යාපනයේ සංචාරයක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (05) දිවයිනට පැමිණි නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් මහත්මිය අද (06) යාපනයේ සංචාරයක නිරත වීමට නියමිත අතර , එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කිරීමටත් කටයුතු යොදා ඇති බව මෙරට නෝර්වේ තනාපති කාර්යාලය සඳහන් කළේය.
ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ද නෝර්වේ රාජ්‍ය එකඟත්වය පළකර ඇත.
මාරිඈන් හාගන් මහත්මිය ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමුවිය.