FAST NEWS

24×7 Around the Globe

ඇරැව්වල කෝටි 500 දියමන්තිය කෙසෙල්වත්තෙන් සොයාගනියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද වැටලීමකට අනුව පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද කෝටි 500 ක් පමණ වටිනා නිල් දියමන්තිය පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් පැහැර ගන්නා ලද දියමන්තිය බවට අනාවරණ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැළුම් ඉන්දික හෙවත් කැලුමා නමින් හඳුන්වන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටි එක හමාරක් ද සොයාගෙන තිබේ.
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව මෙම දියමන්ති කොල්ලය මෙහෙයවා තිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සදහන් කළේය.