FAST NEWS

24×7 Around the Globe

‘බ්ලූමැන්ඩල් සංඛ’ රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඉන්දී්‍යාවට පලාගොස් සැඟව සිටියදී තමිල්නාඩු පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් රණසිංහ ආරච්චිගේ සංඛ හිරන්ත නොහොත් ‘බ්ලූමැන්ඩල් සංඛ’ ඇතුළු ඔහුගේ ගෝලයන් දෙදෙනා ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.@
බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු පිරිස ඉකුත් 28 වැනි දින රාමේෂ්වරම් වෙරළ තොටුපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ වීසා බලපත්‍ර නොමැතිව එරට රැඳී සිටීමේ චෝදනා මතය.
බ්ලූමැන්ඩල් සංඛගේ රියැදුරු ලෙස කටයුතු කළ ‘මධුෂ්’ නමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඉකුත් ජනවාරියේ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක් අසලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
එම වෙඩි ප්‍රහාරයෙන් පසු බ්ලූමැන්ඩල් සංඛ සහ ඔහුගේ රියැදුරු බෝට්ටු මඟින් ඉන්දියාවට පලා ගොස් තිබිණි.
2016 වසරේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාළ නඩු කටයුත්තක් සඳහා දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ චමින්ද ඉලක්ක කර ගනිමින් එම රථයට වෙඩි තැබුවේද බ්ලූමැන්ඩල් සංඛ විසිනි.
එම වෙඩි තැබීමෙන් පසුවද ඔහු ඉන්දියාවට පලා ගොස් තිබිණි.