FAST NEWS

24×7 Around the Globe

මත් කුඩු වටලන්න විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 ක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් කොකේන්, හෙරොයින් වැනි ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු මත්ද්‍රව්‍ය වැටලීම සඳහා සූදානම් කර තිබේ.
එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට මෙම විශේෂ පුහුණුවක් ලබා දී ඇත.
පුහුණුව ලත් සුනඛයින් අතරින් 60 දෙනෙකු විදේශයෙන්ගෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වෙයි.
ඔවුන්ට ලොව පවතින අතිනවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.