FAST NEWS

24×7 Around the Globe

එජනිස ජාතික ලැයිස්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද(28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි තමන් අදාළ පෙත්සම අධිකරණය හමුවේ ගොනු කළ බව එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා ප‍්‍රකාශ කළේය.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ප‍්‍රදානය කෙරුණු ආකාරය අනුව එක්සත් ජනතා නිදහස් සන්‍ධානය සිය ප‍්‍රතිපත්ති සහ මූලික එකඟතා කඩකර ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.