FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොළඹ ජාතික රෝහලට පැමිණෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.
ඒ පසුගියදා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර මහතාගේ සුවදුක් විමසීම සඳහායි.
පසුගිය 24 වනදා ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් ස්ථානාධිපතිවරයා මෙම අනතුරට ලක්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එය පැදවූ  ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.